නීත්‍යානූකූල බලපත්‍රයක් නොමැතිව ඩීසල් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙක් කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (19) රාත්‍රියේ කටුනායක පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
සැකකරු සන්තකයේ තිබී නීති විරෝධීව ගබඩාකරගෙන සිටි ඩීසල් ලීටර් 410ක් මෙහිදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 40ක වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, කටුනායක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
මේ අතර හලාවත පොලිස් වසමේ මුදලියාවෙල ප්‍රදේශයේ දී නීත්‍යානූකූල බලපත්‍රයක් නොමැතිව ඩීසල් ලීටර් 55 ක් සන්තකයේ තබා ගෙන සිටි අයෙක් ද ඊයේ (19) දිනයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 73ක ඉලප්පදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.













