ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොව ශිෂ්ටාචාර අතර පාලමක් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ අද (18) දින ඉන්දියාවේ නවදිල්ලි නුවරදී WION ගෝලීය සමුළුව අමතමින්.
එහිදී අදහස් වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ කියා සිටියේ මේ වන විට ගෝලීය පද්ධතිය ප්‍රබල පරිවර්තනයකට භාජනය වෙමින් පවතින බවයි.
වසර දහස් ගණනක් පුරා ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොව ශිෂ්ටාචාර අතර පාලමක් වූ බවත්, නූතන භූ-දේශපාලනය බිහිවීමට බොහෝ කලකට පෙර වෙළෙඳ ප්‍රජාව, විද්වතුන් සහ සංචාරකයන් මෙම මුහුදු තීරය තරණය කිරීම මත සංස්කෘතීන් අතර අන්තර් ක්‍රියා සිදු වූ බවත් නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නා.



