බහුවිධ භාෂාමය උරුමය අභියෝගයක් නොව, අගය කළ යුතු ශක්තියක් – අගමැතිනිය

භාෂාමය උරුමයන් සුරක්ෂිත කිරීම සංස්කෘතික වගකීමක් පමණක් නොව, එය ලෝකයේ පවතින විවිධත්වය රැකගැනීම සඳහා වූ පොදු කැපවීමක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ අද (13) පැවැති ‘ජාත්‍යන්තර මව් භාෂා දින’ සැමරුම් උළෙලට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා.

බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා බාලදක්ෂ සහ බාලදක්ෂිකා සංගම්වල සහයෝගය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර විවිධ හඬවල්, පොදු මනුෂ්‍යත්වය’ යන්න මෙවර තේමාවයි.

මෙහිදී ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වන ලද චිත්‍ර, රචනා සහ කෙටි වීඩියෝ නිර්මාණ තරගවලින් ජයග්‍රහණය කළ පාසල් දරුවන්ට සහතික පත්‍ර සහ සම්මාන පිරිනැමීම ද අග්‍රාමාත්‍යවරිය අතින් සිදු කෙරුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කළේ ජාත්‍යන්තර මව් භාෂා දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා බංග්ලාදේශය ගත් මූලිකත්වය අගය කරන බවයි.

එය ජාතික සැමරුමක සිට ගෝලීය ව්‍යාපාරයක් දක්වා වර්තමානය වන විට පරිවර්තනය වී ඇති බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ පවතින බහුවිධ භාෂාමය උරුමය කළමනාකරණය කළ යුතු අභියෝගයක් නොව, අගය කළ යුතු ශක්තියක් බව අවබෝධ කර ගතයුතු බවයි අග්‍රමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියේ.

මෙම අවස්ථාවට බංග්ලාදේශ මහ කොමසාරිස් Andalib Elias,, නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලි, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, FAO ශ්‍රී ලංකා හා මාලදිවයින නේවාසික නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් ඇතුළු තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ පාසල් දරුවන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15