පසුගිය දින කිහිපයේ ඉන්ධන හිඟයක් පවතින බවට බියෙන් ජනතාව ඉන්ධන වැඩි වශයෙන් මිලදී ගැනීම, ඉන්ධන මිල ඉහළ යාමට බලපෑ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා සඳහන් කළා.
එසේ නොවුණානම් මෙම මස අගවන තුරු පැවති මිල ගණන් යටතේ ඉන්ධන නිකුත් කිරීමට හැකියාව තිබූ බවයි සභාපතිවරයා සඳහන් කර සිටියේ.
ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව පැවසුවා.
මේ අතර පවතින තත්ත්වය හමුවේ බලශක්ති අර්බුදයට මුහුණදීම සඳහා හැකි ආකාරයට ඉන්ධන අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසයි ඉල්ලා සිටියේ.
ඒ, අනුව අනවශ්‍ය අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සුපරික්ෂාකාරී ලෙස ඉන්ධන පරිභෝජනය කරන ලෙසයි ඉල්ලා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1



