ආර්ථික ආවේක්ෂණ කමිටුවක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කර තිබෙනවා.
මේ වන විට මැද පෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම් නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම, විවිධ ක්ෂේත්‍ර වල ඇති වන අවදානම් ඇගයීම සහ පවතින තත්ත්වය නිරතුරුව සමාලෝචනය කරමින් ඒ අනුව ගත යුතු අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව ස්ථාපිත කර ඇති බව සඳහන්.
මෙම ආර්ථික ආවේක්ෂණ කමිටුවේ සභාපතිත්වයට මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය වශයෙන් කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පත්කර තිබෙනවා.
මෙම කමිටුව පත් කිරීම සඳහා වන යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.













