2026 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට දිස්වන එකම චන්ද්‍රග්‍රහණය අද (03) දිනයේ දැකගත හැකි බව තාරකා විද්‍යාඥයින් පවසනවා.
පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස වර්ගීකරණය කර ඇතත්, ශ්‍රී ලංකාවේ නිරීක්ෂකයින්ට එය අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස පමණක් දැකගත හැකියි.
අද (03) පස්වරු 6:21 සිට ශ්‍රී ලංකාවාසීන්ට මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතිනවා.
පස්වරු 6:21 ට නැගෙනහිර ක්ෂිතිජයට ඉහළින් චන්ද්‍රයා නැඟී එන විට, එහි කොටසක් පෘථිවියේ සෙවනැල්ලෙන් ආවරණය වන අතර, එමඟින් ශ්‍රී ලාංකිකයින්ට ග්‍රහණයේ අවසාන අර්ධ අවධිය නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙන බවයි තාරකා විද්‍යාඥයින් සඳහන් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
+1
1
+1
+1
+1



