ඇමරිකාව සහ ඊශ්‍රායල විසින් ඉරානයට එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරයෙන් පසු ඉරානය විසින් ප්‍රති ප්‍රහාර දියත් කරමින් පවතිනවා.
ඒ අනුව මේ වන විට මැද පෙරදිග කලාපයේ රටවල් කිහිපයකින්ම පිපිරීම් වරින් වර වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මීට පෙර බහරේනයේ පිහිටා ඇති එක්සත් ජනපද නාවික හමුදා මූලස්ථානයට මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව බහරේනය තහවුරු කළා.
මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වල පිපිරිම් වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසනවා.
එමෙන්ම කුවේට් වෙත ද ප්‍රහාර එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
+1
+1
13
+1
1
+1













