රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයතන වල ආරක්ෂක කටයුතු වල යෙදෙන පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන 1,050ක් යටතේ මේ වන විට සේවකයින් 150,000 ක් පමණ මේ වන විටත් සේවයේ යෙදී සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසනවා.
පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන සහ එහි සේවකයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ නෛතික ප්‍රතිපාදන සැලසී ඇත්තේ 1998 අංක 45 දරන පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනත යටතේයි.
වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් එකී ආයතන සහ සේවකයින් ඵලදායී ලෙස නියාමනය කිරීමට මෙන්ම කාර්යක්ෂම සේවයක් ලබා දීමට එම නෛතික ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
එබැවින්, සපයනු ලබන සේවාවේ ස්වභාවය අනුව සේවා වර්ගීකරණය, එම වර්ගීකරණය මත පදනම්ව ආරක්ෂක සේවාවන්හි නිරත සේවකයින් පුහුණු කිරීම, ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීම, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) මට්ටම යටතට ගැනෙන පුහුණු අවස්ථා සලසා දීම වැනි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙන්ම, පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ලියාපදිංචිය හා බලපත්‍ර අවලංගු කිරීම සහ එම ආයතන වෙත ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම වැනි කාර්යයන් නියාමනය කිරීමට හැකි වන පරිදි නව නෛතික ප්‍රතිපාදන හඳුන්වා දීමට රජය යෝජනා කර තිබෙනවා.
ඒ අනුව, එකී නෛතික ප්‍රතිපාදන හඳුන්වා දීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.














Good idea put under Cordinatinate of ministry of Defence they also doing preventing of property of peoples.for build up the nation- Excelent