පුද්ගලික ආරක්ෂක ආයතනවලට නව නෛතික ප්‍රතිපාදන හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයතන වල ආරක්ෂක කටයුතු වල යෙදෙන පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන 1,050ක් යටතේ මේ වන විට සේවකයින් 150,000 ක් පමණ මේ වන විටත් සේවයේ යෙදී සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසනවා.

පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන සහ එහි සේවකයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ නෛතික ප්‍රතිපාදන සැලසී ඇත්තේ 1998 අංක 45 දරන පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනත යටතේයි.

වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් එකී ආයතන සහ සේවකයින් ඵලදායී ලෙස නියාමනය කිරීමට මෙන්ම කාර්යක්ෂම සේවයක් ලබා දීමට එම නෛතික ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එබැවින්, සපයනු ලබන සේවාවේ ස්වභාවය අනුව සේවා වර්ගීකරණය, එම වර්ගීකරණය මත පදනම්ව ආරක්ෂක සේවාවන්හි නිරත සේවකයින් පුහුණු කිරීම, ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීම, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) මට්ටම යටතට ගැනෙන පුහුණු අවස්ථා සලසා දීම වැනි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙන්ම, පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ලියාපදිංචිය හා බලපත්‍ර අවලංගු කිරීම සහ එම ආයතන වෙත ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම වැනි කාර්යයන් නියාමනය කිරීමට හැකි වන පරිදි නව නෛතික ප්‍රතිපාදන හඳුන්වා දීමට රජය යෝජනා කර තිබෙනවා.

ඒ අනුව, එකී නෛතික ප්‍රතිපාදන හඳුන්වා දීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46