නීතිඥවරයා වෙඩි තබා ඝාතනය කළේ අධි ආරක්ෂක කලාපයක නෙවෙයි – මහජන ආරක්ෂක ඇමති (වීඩියෝ)

පසුගිය 13 වනදා පස්වරුවේ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කළ ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

පාර්ලමේන්තුවේ දී අද (17) අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“ගරු කතානායකතුමනි මෙම ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් ලෙස නම් කරලා නැහැ. විශේෂයෙන් ඒ කාලේ යම් යම් අධි ආරක්ෂක කලාප පවත්වාගෙන යන්න ඇති නමුත් දැනට මේ සිද්ධිය සිදධවුණ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් නෙවෙයි. මේ පිළිබඳව තහවුරු කරලා තියනවා ආරක්ෂක අංශ.”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

මෙහිදී විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ මෙම වෙඩි තැබීම සිදුවූ ස්ථානයට මීටර් 600ක් 700ක් දුරින් ත්‍රිවිධ හමුදා මූලස්ථානය සහ ආරක්ෂක අමාත්‍යාංශය පිහිටා තිබෙන බවත්, එය අධි ආරක්ෂක කලාපයක් බව සාමාන්‍ය ජනතාව පවා දන්නා කාරණාවක් බවයි.

තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථගාලක් තුළ පසුගිය 13 වනදා මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"එන්න කියලා ආරාධනාවක් තිබ්බා"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා FCIDයට
01:44
Video thumbnail
සජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි..ඔච්චර රජය ජනප්‍රියයි නම් පළාත් සභා මැතිවරණය තියන්න..
10:10
Video thumbnail
හරිනි මෙහෙම ඔලොමොට්ටල වැඩ කරයි කියලා හිතුවේ නෑ
04:01
Video thumbnail
"තමුන්නැහේ මහ හොරෙක්" - මහින්ද ජයසිංහගේ වරප්‍රසාද කඩවෙලා l Mahinda Jayasinghe
01:57
Video thumbnail
මාෆියාවලට අපි බය නෑ හරිද - අපි ඔයාලා වගේ නෙමෙයි
03:32
Video thumbnail
වන අලි ප#රදීමකින් විදේශිකයෙකුට ජීවිතය අහිමි වෙයි
01:40
Video thumbnail
ඇමතිගේ කතාවෙන් සජිත් පුදුම වෙයි
12:28
Video thumbnail
ඔසීලට දුවන්නම දීපු සුපිරි ඉණිමකින් පසු පැතුම් කිව්ව දේ
06:49
Video thumbnail
ආණ්ඩුවට බනින්න එපා - අපි සහයෝගයක් දීලා බලමු
06:21
Video thumbnail
සා.පෙළ විභාගයට සිසුන් උදෙන්ම උනන්දුවෙන් ආ හැටි
04:06


?