ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බලංගොඩ කස්සප හිමි, ත්‍රිකුණාමලයේ කළ්‍යාණවංශ තිස්ස යන හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේ හතරදෙනා සහ අනෙක් සැකකරුවන් හයදෙනා ඇප මත මුදාහැරීමට ත්‍රිකුණාමලය මහාධිකරණය අද නියෝග කළා.
ඒ, අනුව එක් අයෙකුට රුපියල් 10,000ක් බැගින් මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි ඇප නියම කෙරුනේ.
එමෙන්ම සාක්ෂි සහ විමර්ශනවලට බාධා නොකළ යුතු බවත්, නඩු දිනවලට අනිවාර්යෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත්, සහ ආගමික සහ පොදු කටයුතුවලට බාධා නොකළ යුතු බවට වන ඇප කොන්දේසි ද සැකකරුවන් 10 දෙනාට නියම කළා.
එම ඇප කොන්දේසි එකක් හෝ කිහිපයක් කඩකළහොත් ඇප නියෝහය අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන බවයි ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්. අබ්දුල්ලා දැනුම් දුන්නේ.













