ශ්‍රී ලංකාවේ කර්මාන්ත කේෂ්ත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම සඳහා ජර්මනිය ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ උසස් තාක්ෂණික සහයෝගිතාව පුළුල් කිරීමට රජය කටයුතු කරන බව කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (AHK Sri Lanka) සහ ජර්මානු තානාපති කාර්යාලය එක්ව කොළඹදී සංවිධානය කළ ‘Top German Brands-2026 The Ball Edition’ සැමරුමට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව පසුගිය වසර කිහිපය තුළ මුහුණ දුන් ආර්ථික අභියෝගවලින් අනතුරුව ආර්ථික ස්ථාවරත්වය අත්පත්කරගෙන ඇති බවත්, ඉදිරි වසරවලදී ආර්ථික වර්ධනය වේගවත් කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණු බවත් ඔහු ප්‍රකාශ කරනවා.
ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය පුළුල් කිරීම සඳහා ජාත්‍යන්තර වෙළෙදපොළ සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ 2029 වන විට පවතින වෙළෙඳ බාධක ක්‍රමානුකූලව ඉවත්කරමින් නව වෙළෙඳ ගිවිසුම් සඳහා අවස්ථා පුළුල්කිරීමේ වැදගත්කමත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබුනා.
අඩු ශ්‍රම පිරිවැය මත පදනම්වූ නිෂ්පාදන වෙනුවට උසස් තාක්ෂණය සහ ඉහල වටිනාකමක් එකතුකළ නිෂ්පාදන කර්මාන්ත වෙත ශ්‍රී ලංකාව යොමුකිරීමේදී ජර්මනිය සමඟ ඇතිකරගන්නා සහයෝගිතා වැදගත් වන බවද, ඒ සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, වරාය හා ගුවන්තොටුපල ධාරිතාව පුළුල්කිරීම සහ වෘත්තිය කුසලතා පුළුල්කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බවත් ඔහු ප්‍රකාශ කළ බවටත් වාර්තාවෙනවා.
මෙරට සුළු හා මධ්‍ය කර්මාන්ත 300-400ක් අතර සංඛ්‍යාවක් ජාත්‍යන්තර වෙළෙඳපොලට ප්‍රවේශ කිරීමේ වැඩපිළිවෙලක් තම අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන බවත්, එම කර්මාන්ත සඳහා තාක්ෂණය, මූල්‍ය කළමනාකරණය සහ ජාත්‍යන්තර ප්‍රවේශය ලබාදීම වෙනුවෙන් ජර්මානු ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවටත් නියොජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
එමෙන්ම තරුණ පරපුරේ වෘත්තිය කුසලතා සංවර්ධනය සහ කර්මාන්ත කේෂ්ත්‍රයේ මානව සම්පත් අවශ්‍යතා සපුරාලීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයද නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විසින් අවධාරණය කර ඇති බවටත් සඳහන් වෙනවා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වන ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් (Dr.Felix Neuman), AHK Sri Lanka ප්‍රධානි මාර්ටින් ක්ලෝස් (Martin Klose), ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන්, ශ්‍රී ලංකා-ජර්මානු ව්‍යාපාරිකයන් හා ප්‍රතිපත්ති සම්බාදකයන් රැසක් සහභාගිවු බවටත් වාර්තාවෙනවා.
ඳ ඬ ඟ










