අසැබි වැඩ කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් කළ නිවේදනයක් ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

මුහුණු පොත හා WhatsApp සමාජ මාධ්‍ය ජාලා හරහා ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වාර්තා වූ පැමිණිලි ගණනාවකට අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරමින් පොලිසිය විසින් අද (05) පෙරවරුවේ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

කෙසේ වෙතත් එම නිවේදනයේ නම සඳහන් සැකකරු විසින්, ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා සිටිමින් අභියාචනාධිකරණය වෙත රීට් පෙත්සමක් යොමු කර තිබී ඇති බවත්, එම නඩුව අභියාචනාධිකරණයේදී කැඳවු අවස්ථාවේ නීතිපතිතුමාගේ උපදෙස් ලැබෙන තෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන ලෙසට නියෝගයක් ලබා දී ඇති බවටත් අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අද (05) දිනයේ දී පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙත වාර්තාවක් යොමු කරමින් දන්වා ඇති බව පොලිසිය පවසනවා.