සලේගේ සැලසුම් සහගතව මෙහෙයවීම මත පාස්කු ප්‍රභාරය සිදු වූ බව CIDය අධිකරණයේදී කියයි

හිටපු බුද්ධි අංශයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේගේ සැලසුම් සහගතව මෙහෙයවීමක් මත පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (04) අධිකරණයේදී කියා සිටියා.

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නඩුව ඊයේ (04) දිනයේ දී කැඳවූ අවස්ථාවෙඩි අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා.

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 25 ප්‍රකාශයට පත් කරන බව
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (4) නියෝග කළා.

නඩුව කැදවු අවස්ථාවේදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ විදේශ ගමන් තහනම දැඩි ඇප කෝන්දේසි මත ඉවත් කරන ලෙසයි.

සිද්ධියට අදාල ⁣හිටපු ජනාධිපතිවරයා සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බැවින් ඇප මත හෝ බැදුම්කරයක් මත මුදා හැරිිමට අධිකරණයට බලයක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියා.

සිද්ධියට අදාලව කරුණු දක්වමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ ගත වීම පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අගතිදායක තත්වයක් ඇති විය හැකි බැවින් විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධතාවය දක්වන බවයි.

සිද්ධියට අදාලව කරුණු දක්වමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් මෙලෙස පවසා සිටියා.

” ස්වාමීනි.. මෙම සිද්ධියට අදාල පළමු සහ දෙවන සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. තවද මෙම සිද්ධියට අදාලව අහුංගල්ලේ හෝටලයක දී 2020 වර්ෂයේ දී හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ සහ අසාත් මවුලානා නැවතී සිටිමට එම හෝටලයේ කාමර මුදල් ගෙවා වෙන් කර තිබු බවයි. එම ලබා ගන්නා ලද රිසිට් බිල්පත් ඇතුලු තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමට එම හෝටලයට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

මහේස්ත්‍රාත්වරයා :-
හිටපු ජනාධිපතිවරයෙකුගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වනවාද?

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව :-

” එසේමයි ස්වාමීනි, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වනවා. 2019 වර්ෂයේ සිදු වු පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පසු විපරම් සහ පෙර විපරම් සම්බන්ධයෙන් තමා විමර්ශනය සිදු කරනු ලබන්නේ. පාස්කු ප්‍රහාරය සිදුවීමේ සිද්ධියට වගකිව යුතු කවුද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරමින් යනවා. 2024/ 10 /11 දින තමා ජුඩ් රෝශාන් පියතුමාගෙන් සිද්ධියට අදාල පැමිණිල්ල ලැබුණේ. ඊට පෙර දිවයිනේ විවිධ ප්‍රදේශවල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශාල නඩු සංඛ්‍යාවක් තිබුණා. මෙම පැමිණිල්ලට ආදාලව විමර්ශන කටයුතු කිරීමේ දී ඒ සම්බන්ධයෙන් නිතිපති උපදෙස් සදහා යොමු කළා. නිතිපතිවරයාගේ උපදෙස් අනුව මෙම විමර්ශනය කිරීමට නෛතික බාධාවක් නොමැති බව දන්වා තිබුණා. ඉන් පසුව සිදු කළ විමර්ශනවලදී ⁣යාසික් බාවා ඇතුලු පොලිස් නිලධාරීවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව රක්ෂිත බන්ධනාගාරගත කළා. දීර්ඝ කාලීනව සිදු කළ විමර්ශනවලදී යුධ හමුදාවේ හිටපු බුද්ධි අංශයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ 2026 පෙබරවාරි 28 වන දින ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුට ගනු ලැබුවා. ඉන් පසුව සිද්ධියට අදාලව හිටපු පොලිස්පති සි.ඩී .වික්‍රමරත්න, හිටපු නි⁣. පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා යන අයගෙන් ප්‍රකාශ ලබා ගත්තා. තවද අසාද් මවුලනාගෙන්ද ප්‍රකාශ ලබා ගත්තා. එම ප්‍රකාශ අනුව තහවුරු වි තිබෙනවා, සිද්ධියට අදාල තුන්වැනි සැකකරු වන සුරේෂ් සලේ සැලසුම් සහගතව මෙහෙයවීමක් මත 2024/4/21 වන දින පුද්ගලයන් 03 දෙනෙකුගේ වක්‍රාකාර දැනුවත් වීම මත මෙම ප්‍රහාරය සිදු වූ බව. ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනය කරනවා. එම නිසා ස්වාමීනි මෙම සිද්ධියට අදාලව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනකුගේ විදෙස් ගමන් තහනම 2026/ 6/ 3 වන දින ඉවත් කිරීමට නියෝග ලබා ගත්තා. ඒ සමගම සුරේෂ් සලේ 2026/ 6/ 7 රැදවුම් භාරයේ සිට ජාතික රෝහලට ඇතුල් කළා. එහි මාස 4 කින් පස්සේ ඔක්තෝබර් 6 තමා රෝහලෙන් නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආවේ. විමර්ශන කටයුතු එම නිසා මන්දගාමී වුණා. බරපතල තත්ත්වයක උද්ගත වුණා.දැන් නැවතත් කඩිනමින් විමර්ශනය කරනවා. ස්වාමීනි , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයේ අභියාචනක් දලා තිබෙනවා. එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඉන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේත් දලා තිබෙනවා. එය විභාගය වෙමින් පවතිනවා. කෙසේ වෙතත් සිංගප්පූරුවට යාමට කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධතාවයක් නැහැ. අධිකරණයෙන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වන පරිදි දැඩි කෝන්දේසි මත ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එසේ නැවත පැමිණෙන ලෙස තහවුරු වන පරිදි විදේශ ගමන් තහනම ඉවත් නොකලහොත් විමර්ශනයකට අගතියක් සිදුවෙනවා”

මහේස්ත්‍රාත්වරයා:-
හිටපු ජනාධිපතිවරයා සිද්ධියට අදාලව තවම සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බැවින් ඇප මත හෝ බැදුම්කරයක් මත මුදා හැරිිමට අධිකරණයට බලයක් නැහැ.එක්කො සැකකරුවෙක් කරන්න ඕනි. නැත්තම් වෙන්නේ අධිකරණයට විදේශ ගමන් තහනම ඉවත් කරන්නයි” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේය.

එහීදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ ගත වීම පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අගතිදායක තත්වයක් ඇති විය හැකි බැවින් විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධතාවය දක්වන බවයි.

එම අවස්ථාවේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥව රුවන්ත කුරේ පවසා සිටියේ මෝෂමක් මාර්ගයෙන් විදේශ ගමන් තහනම තාවකාලික ඉවත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිඥවරයා මෙලෙස පවසා සිටියේය.

” ස්වාමීනි විදේශගත වීමට අපි ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සලකා බලා. සිංගප්පූරුවේ රෝහලක දී සිදුකළ හෘද සැත්කමක් කළා . එහි පසු වැඩිදුර ප්‍රතිකාරවලට යාමට අවශ්‍යයයි. සිංගප්පූරුවේ මවුටේන් රෝහලේ වෛද්‍යවරයෙකු වන ශිවදාසන් හමුවට ගොස් සැත්කමේ පසු විපරම් වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් විමසීමට සිංගප්පූරුවට ගොස් තිබෙනවා. එම වෛද්‍යවරයා සිංගප්රුවේ රැදීසිටින්නේ නොවැම්බර් 28 සට දෙසැම්බර් 08 දක්වා පමණයි. මෙම නඩුව යන කාලයේදී පවා ගොස් නැවත පැමිණ තිබෙනවා. එම වෛද්‍යවරයා ලබා දී තිබෙනවා 2026/ ජුලි 24 වන දින වෛද්‍ය වාර්තාවක්. ලංකාවේ ඩර්ඩන්ස් රෝහලේ ඩොක්ට බන්දුල විජේසිරිගේ ලිපියක් ද දක්වා තිබෙනවා. තවද ස්වාමීනි මගේ සේවාදායකයා මෙම සිද්ධියට අදාළව සැකකරුවෙක් නොවෙයි. මෙම කරුණු සලකා බලා විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාලව විදේශ ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් කරන ලද නියෝගය ලබන 25 ප්‍රකාශයට පත්කරන බවට නියෝග කළේය.

සිද්ධියට අදාල අනෙක් සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වවුනැතිව් යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ මෙම සිද්ධියේ පළමු සැකකරු වන යාසීම් බාවා ජෙගිල්පාස් සහ දෙවැනි සැකකරු වන සරත් සමන්ත නමැති බුද්ධි නිලධාරීන් දෙදෙනෙක්.