නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් වාර්තාවක්

විස්සයි විස්ස ලෝක කුසලානය ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම සම්බන්ධතාව ගොඩ නැගීම සඳහා නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන ටිම් සයිෆර්ට් සහ ෆින් ඇලන් අද (10) සමත් වුණා.

ඒ නවසීලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර අද (10) චෙන්නායි ක්‍රීඩාංගනයේ පැවති තරගයේ දියි.

තරගයේ කාසියේ වාසිය ජයගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 173ක් රැස්කර ගනු ලැබුවා.

ලකුණු 174ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි නවසීලන්ත ආරම්භක පිතිකරු යුගලය පන්දුවාර 15යි පන්දු 02ක් තුළ කිසිවෙකුත් නොදැවී ලකුණු 175ක් රැස්කරමින් එම ඉලක්කය සපුරා ගත්තා.

කිසිවෙකුත් නොදැවී එම ඉලක්කය සපුරා ගත් එම සම්බන්ධතාව විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවන් දෙදෙනෙක් විසින් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිහිටවූ ඉහළම සම්බන්ධතාව ලෙස වාර්තා පොත් අතරට එක්වුණා.

ටිම් සයිෆර්ට් නොදැවී ලකුණු 89ක් රැස්කළ අතර ෆින් ඇලන් නොදැවී ලකුණු 84ක් රැස්කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
68
+1
2
+1
15
+1
21
+1
1
+1
2
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැදගම ගිනි ඇවිලෙයි - මුළු පළාතම උණුසුම් වෙයි
02:33
Video thumbnail
කෘෂිකර්මාන්තයට වටිනා කලදසාවක් උදාවෙනවා..රජයේ ගබඩාවලටම වී දෙන්න ඕනි නෑ පෞද්ගලික අංශයටත් දෙන්න
06:13
Video thumbnail
රජය විධායක නිලධාරීන් මුදල් අමාත්‍යාංශය වටලයි - දැවැන්ත උද්ඝෝෂණයක්
01:18
Video thumbnail
බුලත් ප#යට හෙ#ණ ගැහුවම කිල්ලෝටය ගැන මොන කතාද ?බයවෙන්න එපා අපි මේ රට හදනවා
05:58
Video thumbnail
ගමටත් කිරි දුන්න මහින්දගේ පුතා 2029 දී එන්න යන්නේ - නාමල දැන් පිපීගෙන එන්නේ
04:01
Video thumbnail
අමාරුවෙන් අදත් අධිකරණයට ආපු ඩේසි ආච්චි....
00:33
Video thumbnail
සුපිරි රිය ගි# තිබ්බ සිද්ධිය ගැන මව හෙළිකළ දේ - පර්චස් 6යේ ගෙදර සර්ට ලියලා දෙන්න කියලා බලපෑම්
05:42
Video thumbnail
රාජපක්ෂ පවුලේ සෙට් එකට ආණ්ඩුවෙන් රතු එළි - නාමල් ලොක්කෝ පමාවී හෝ ඔයාලා ළඟට එනවා
05:34
Video thumbnail
ජනතාව තෘප්තිමත් වන නායකත්වය ජනපති අනුරව - ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත 62.8%ක්
08:06
Video thumbnail
නුවන් බැල්ලන්තුඩාවගෙන් ප්‍රබල හෙළිදරව්වක් - ප්‍රභාලා ගාව දණ#හපු අය තමයි මේ
17:14