විස්සයි විස්ස ලෝක කුසලානයේ ආරම්භක තරගය ලෙසින් පැවැත්වුණු පාකිස්ථානය සහ නෙදර්ලන්තය අතර තරගයේ තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්ථානය සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 147ක් රැස්‌කර ගනු ලැබුවා.
ලකුණු 148ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්ථානය ඉනිම ආරම්භයේ යම්තාක් සාර්ථක ආරම්භයක් ලබා ගත්තද මැදපෙළ පිතිකරුවන්ට සිය රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමට නොහැකි වූ නිසා පාකිස්ථාන ඉනිම බිඳ වැටුණා.
එලෙස බිඳ වැටුණු ඉනිම යළිත් අවසන් භාගයේ දී ජයග්‍රහණය කරා රැගෙන යාමට ෆහීම් අෂ්රෆ් සමඟ එක්වූ ෂහීන් අෆ්රිඩි සමත් වුණා.
ඒ විටක අසීරු ඉල්ලක්කයක් වූ ලකුණු 148 හඹා යෑමේදී තරගයේ 18 වන පන්දුවාරයට 6යේ පහර 03ක් සහ එක් 4 පහරක් සමඟ ලකුණු 24ක් රැස්කර ගනිමින්.
ඒ අනුව පන්දුවාර 19න් පන්දු 03කින් සිය ඉල්කක්කය සපුරා ගැනීමට පාකිස්ථානය සමත් වුණා.













