ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා ත්‍රිකුණාමලය අධිකරණය වෙත මේ වන විට රැගෙන විත් තිබෙනවා.
ඒ අද (28) දිනයේ දී එම නඩුව යළි කැඳවීම හේතුවෙන්.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දසදෙනා අද (28) දිනය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පසුගිය 19 වනදා නියෝග කළා.
රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් බන්ධනාගාරය තුළ උපවාසයක් ආරම්භ කර පසුව නවතා දැමුවා.
එමෙන්ම උන්වහන්සේට ඇතිවූ රෝගී තත්ත්වයක් මත බන්ධාගාරයේ සිට ත්‍රිකුණාමලය මහ රෝහල වෙතට උන්වහන්සේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
1
+1



