බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් පිරිස අධිකරණයට

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා ත්‍රිකුණාමලය අධිකරණය වෙත මේ වන විට රැගෙන විත් තිබෙනවා.

ඒ අද (28) දිනයේ දී එම නඩුව යළි කැඳවීම හේතුවෙන්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දසදෙනා අද (28) දිනය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පසුගිය 19 වනදා නියෝග කළා.

රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් බන්ධනාගාරය තුළ උපවාසයක් ආරම්භ කර පසුව නවතා දැමුවා.

එමෙන්ම උන්වහන්සේට ඇතිවූ රෝගී තත්ත්වයක් මත බන්ධාගාරයේ සිට ත්‍රිකුණාමලය මහ රෝහල වෙතට උන්වහන්සේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිට අවසන් ගෞරව දෙන්න ආ කලාකරුවන් හඬා වැටෙයි..අපි වෙන් කරන්න බැරි යාළුවෝ දෙන්නෙක්
03:12
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ නැත්තම් කම්පන ප්‍රසංගයක් නෑ - දශක ගණනාවකට හිමි නැති අඩුව දැනෙයි
03:20
Video thumbnail
රඹුක්කන සිද්ධාර්ථ හිමියන් වෙනුවෙන් කඩා වැටුණු කඳුළු...
02:01
Video thumbnail
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් - දඩ ගෙවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණයි ?
01:36
Video thumbnail
පාර්ලිමේන්තුවේ අර්චුනාගේ අවසන් කතාව..?
01:20
Video thumbnail
ඇප ලැබුණු රාජිතගේ මල්ලි සතුටින් පිටව ගිය හැටි
00:34
Video thumbnail
මතක තියාගන්න ඩී.වී චානක
01:54
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:35