විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිංගප්පූරුවේ දී විශේෂ හමුවක

සිංගප්පූරුවේ සිදු කරන ලද අධ්‍යයන චාරිකාවක් අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍ය ජෝර්ජ් යෝ-යොං-බූන් අතර හමුවක් අද (27) සිදු වුණා.

ඒ සිංගප්පූරුවේ පිහිටි ලී ක්වාන් යූ School of Public Policy හි දීයි.

ඉදිරි දැක්මක් සහිත නායකත්වය, ශක්තිමත් ආයතන සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය මඟින් කෘත්‍රිම බුද්ධිය, ස්වයංක්‍රීයකරණය සහ දියුණු නිෂ්පාදනවල බලපෑම ඇතුළු ප්‍රධාන ගෝලීය තාක්ෂණික හා ආර්ථික වෙනස්කම්වලට සිංගප්පූරුව සාර්ථකව අනුගත වී ඇති ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී දෙපාර්ශ්වයේම අවධානය යොමුව තිබෙනවා.

පුද්ගල ප්‍රතිරූප මත පමණක් රඳා නොසිට ඔරොත්තු දෙන පද්ධති සහ ව්‍යුහයන් ගොඩනැගීමේ දී සිංගප්පූරුව ලැබූ අත්දැකීම්වලින් අප රට පාඩම් ඉගෙනීමේ වැදගත්කම මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළා.

එසේම සිංගප්පූරුවේ ඇතුළත් ජාතික අනන්‍යතාව සහ ගෝලීය අවිනිශ්චිතතාව මධ්‍යයේ දිගුකාලීන උපායමාර්ගික දැක්මක් ලබා ගැනීමට ඇති හැකියාව කෙරෙහි විශේෂ අවධානයක් මෙහිදී යොමු කර තිබෙනවා.

එමෙන්ම ජාතික ව්‍යසන සහ ආර්ථික කම්පනවල බලපෑම ඇතුළුව ශ්‍රී ලංකාව මෑත කාලීනව ආර්ථික හා මානුෂීය අභියෝග රැසකට මුහුණ දුන් අයුරු පිළිබඳව ජෝර්ජ් යෝ-බූන්ට පැහැදිලි කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම, අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම, වෙළෙඳ සාකච්ඡා සහ විදේශ ආර්ථික සබඳතා වැනි ක්ෂේත්‍රවල විශේෂිත විශේෂඥතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කළා.

තවද රැස්වීම අතරතුර, සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍ය ජෝර්ජ් යෝ-බූන් මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අනුකූලව, රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ කිරීම සඳහා අනාගතයේ බහු-පාර්ශවීය වැඩමුළුවක් හරහා ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වී, සිංගප්පූරුවේ පාලනය, ආර්ථික පරිවර්තනය, විදේශ ප්‍රතිපත්ති උපාය මාර්ගය සහ තාක්ෂණික බාධා කළමනාකරණය පිළිබඳ සිය අත්දැකීම් බෙදා ගැනීමට එකඟ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, සිංගප්පූරුවේ හිටපු විදේශ ඇමති හමුවෙයි
01:00
Video thumbnail
සජිත් ප්‍රේමදාස, සිංගප්පූරුවේ දී විශේෂ හමුවක
13:43
Video thumbnail
රජය වෙන්දේසි දලා විකුණපු වාහනවලට වෙච්ච දේ මෙන්න..අරන් තියෙන්නේ මාලිමා ආණ්ඩුවේ ස්ටේජ්වල හිටිය අය..?
05:41
Video thumbnail
අපි ගත්තු තීන්දුව ආපහු හකුලාගන්නේ නෑ
25:39
Video thumbnail
මැදිරිගිරියේ මිනිස්සු උණුසුම් වෙලා මහ පාරේ නාමල්ව ගි# තියයි.."අහවල් එකේ අමාරුවට අපි මේක කරන්නේ යකෝ"
08:48
Video thumbnail
උපවාසය මැද මිනිස්සු කලන්තේ දාලා - රෝහලට ගෙනයයි
04:25
Video thumbnail
"කවදාවත් ජනාධිපති කෙනෙක් ඇවිත් නෑ..ගොඩාක් පිං"මිනිස්සු පොරකකා ජනපති එක්ක Selfie ග#යි
02:29
Video thumbnail
අසභ්‍ය ගුරු - ගෝල විඩීයෝව කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
06:12
Video thumbnail
පියතුමෙකුට ලුහුබැද ප#ර දුන් සිද්ධියේ සියල්ල කැබිනට් මාධ්‍ය හමුවේ හෙළිවෙයි..
03:05
Video thumbnail
වෛද්‍ය බෙල්ලනව FCID එකෙන් ප්‍රශ්න කරයි - රජයත් එක්ක මට ගැටුමක් නෑ
06:05


?