විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිංගප්පූරුවේ දී විශේෂ හමුවක

සිංගප්පූරුවේ සිදු කරන ලද අධ්‍යයන චාරිකාවක් අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍ය ජෝර්ජ් යෝ-යොං-බූන් අතර හමුවක් අද (27) සිදු වුණා.

ඒ සිංගප්පූරුවේ පිහිටි ලී ක්වාන් යූ School of Public Policy හි දීයි.

ඉදිරි දැක්මක් සහිත නායකත්වය, ශක්තිමත් ආයතන සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය මඟින් කෘත්‍රිම බුද්ධිය, ස්වයංක්‍රීයකරණය සහ දියුණු නිෂ්පාදනවල බලපෑම ඇතුළු ප්‍රධාන ගෝලීය තාක්ෂණික හා ආර්ථික වෙනස්කම්වලට සිංගප්පූරුව සාර්ථකව අනුගත වී ඇති ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී දෙපාර්ශ්වයේම අවධානය යොමුව තිබෙනවා.

පුද්ගල ප්‍රතිරූප මත පමණක් රඳා නොසිට ඔරොත්තු දෙන පද්ධති සහ ව්‍යුහයන් ගොඩනැගීමේ දී සිංගප්පූරුව ලැබූ අත්දැකීම්වලින් අප රට පාඩම් ඉගෙනීමේ වැදගත්කම මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළා.

එසේම සිංගප්පූරුවේ ඇතුළත් ජාතික අනන්‍යතාව සහ ගෝලීය අවිනිශ්චිතතාව මධ්‍යයේ දිගුකාලීන උපායමාර්ගික දැක්මක් ලබා ගැනීමට ඇති හැකියාව කෙරෙහි විශේෂ අවධානයක් මෙහිදී යොමු කර තිබෙනවා.

එමෙන්ම ජාතික ව්‍යසන සහ ආර්ථික කම්පනවල බලපෑම ඇතුළුව ශ්‍රී ලංකාව මෑත කාලීනව ආර්ථික හා මානුෂීය අභියෝග රැසකට මුහුණ දුන් අයුරු පිළිබඳව ජෝර්ජ් යෝ-බූන්ට පැහැදිලි කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම, අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම, වෙළෙඳ සාකච්ඡා සහ විදේශ ආර්ථික සබඳතා වැනි ක්ෂේත්‍රවල විශේෂිත විශේෂඥතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කළා.

තවද රැස්වීම අතරතුර, සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍ය ජෝර්ජ් යෝ-බූන් මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අනුකූලව, රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ කිරීම සඳහා අනාගතයේ බහු-පාර්ශවීය වැඩමුළුවක් හරහා ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වී, සිංගප්පූරුවේ පාලනය, ආර්ථික පරිවර්තනය, විදේශ ප්‍රතිපත්ති උපාය මාර්ගය සහ තාක්ෂණික බාධා කළමනාකරණය පිළිබඳ සිය අත්දැකීම් බෙදා ගැනීමට එකඟ වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11