අනුරාධපුර – මහනුවර ප්‍රධාන මාර්ගයේ මරදන්කඩවල ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් විදෙස් යුවළක් ඇතුළු 09 දෙනෙකු තුවාල ලබා රෝහල ගත කර තිබෙනවා.
අනුරාධපුර දෙස සිට කොළඹ දෙසට විදෙස් යුවළක් රැගෙන ගමන් කරමින් තිබූ මෝටර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි වෑන් රථයක ගැටී අද (26) මෙම අනතුර සිදුව තිබුණා.
එහිදී විදෙස් යුවළ සහ මෝටර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර, වෑන් රථයේ සිටි සෙසු පිරිස ද ප්‍රතිකාර සඳහා මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.
මරදන්කඩවල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



