මරදන්කඩවල රිය අනතුරක් – විදෙස් යුවළක් ඇතුළු නවයකට තුවාල

අනුරාධපුර – මහනුවර ප්‍රධාන මාර්ගයේ මරදන්කඩවල ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් විදෙස් යුවළක් ඇතුළු 09 දෙනෙකු තුවාල ලබා රෝහල ගත කර තිබෙනවා.

අනුරාධපුර දෙස සිට කොළඹ දෙසට විදෙස් යුවළක් රැගෙන ගමන් කරමින් තිබූ මෝටර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි වෑන් රථයක ගැටී අද (26) මෙම අනතුර සිදුව තිබුණා.

එහිදී විදෙස් යුවළ සහ මෝටර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර, වෑන් රථයේ සිටි සෙසු පිරිස ද ප්‍රතිකාර සඳහා මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.

මරදන්කඩවල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18