චූටි පුතා සහ දෙවිඳු 01ට මත්ද්‍රව්‍ය සැපයූ ‘දීලීෂ 03’ මිරිස්සෙන් අල්ලයි

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 290කට වැඩි තොගයක් සමඟ දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් බහු දින ධීවර දෙකට මත්ද්‍රව්‍ය සැපයූ බවට සැක කෙරෙන තවත් ධීවර යාත්‍රාවක් මිරිස්ස ධීවර වරායෙන් සොයාගෙන තිබෙනවා.

මේ සමඟ සැකකරුවන් පස්දෙනෙකු ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

‘දීලීෂ 03’ නැමැති මෙම බහුදින ධීවර යාත්‍රාව මඟින්, නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී භාරයට ගත් ‘චූටි පුතා’ සහ ‘දෙවිඳු 01’ නැමැති යාත්‍රා දෙකට මත්ද්‍රව්‍ය තොගයක් ලබා දී ඇති බවයි මේ වනවිට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ චූටි පුතා’ සහ ‘දෙවිඳු 01’ නැමැති යාත්‍රා දෙක පසුගිය සිකුරාදා (23) දිනයේ දිවයිනට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ දී නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමඟ එක්ව සිදුකළ මෙහයුමක දී සිය භාරයට ගැනුණා.

එහිදී සැකකරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගැනුණු අතර, අත්අඩංගුවට ගැනුණු එම පිරිස සහ යාත්‍රා දෙක ඊයේ (25) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.

එහිදී සැකකරුවන් 11දෙනා ඊයේ (25) රාත්‍රියේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීම සඳහා දින 07ක රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?