චූටි පුතා සහ දෙවිඳු 01ට මත්ද්‍රව්‍ය සැපයූ ‘දීලීෂ 03’ මිරිස්සෙන් අල්ලයි

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 290කට වැඩි තොගයක් සමඟ දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් බහු දින ධීවර දෙකට මත්ද්‍රව්‍ය සැපයූ බවට සැක කෙරෙන තවත් ධීවර යාත්‍රාවක් මිරිස්ස ධීවර වරායෙන් සොයාගෙන තිබෙනවා.

මේ සමඟ සැකකරුවන් පස්දෙනෙකු ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

‘දීලීෂ 03’ නැමැති මෙම බහුදින ධීවර යාත්‍රාව මඟින්, නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී භාරයට ගත් ‘චූටි පුතා’ සහ ‘දෙවිඳු 01’ නැමැති යාත්‍රා දෙකට මත්ද්‍රව්‍ය තොගයක් ලබා දී ඇති බවයි මේ වනවිට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ චූටි පුතා’ සහ ‘දෙවිඳු 01’ නැමැති යාත්‍රා දෙක පසුගිය සිකුරාදා (23) දිනයේ දිවයිනට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ දී නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමඟ එක්ව සිදුකළ මෙහයුමක දී සිය භාරයට ගැනුණා.

එහිදී සැකකරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගැනුණු අතර, අත්අඩංගුවට ගැනුණු එම පිරිස සහ යාත්‍රා දෙක ඊයේ (25) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.

එහිදී සැකකරුවන් 11දෙනා ඊයේ (25) රාත්‍රියේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීම සඳහා දින 07ක රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46