2025 යල කන්නයේ දී නාඩු, සම්බා සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් 01ක් පිළිවෙලින් රුපියල් 120ක්, රුපියල් 125ක් සහ රුපියල් 132ක් ලෙස වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගෙන තිබෙනවා.
ඉදිරි කන්නවලදී සම්බා සහ කිරි සම්බා වගා කිරීම ප්‍රර්වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් එම වී වර්ග මිල දී ගැනීම සඳහා දැනට පවතින අවම මිල ගණන් ඉහළ නැංවීම තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව විසින් නියමිත ප්‍රමිතියෙන් යුත්, නාඩු වී කිලෝග්‍රෑම් 01ක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 120ක් ලෙස තවදුරටත් පවත්වා ගෙන යාමටත්, සම්බා වී කිලෝග්‍රෑම් 01ක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 125 සිට 130ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
ඊට අමතරව කීරි සම්බා වී කිලෝග්‍රෑම් 01ක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 132 සිට රුපියල් 140ක් දක්වා ඉහළ නැංවීමටත් තීරණය තිබෙනවා.













