සම්බා සහ කීරි සම්බා වී මිලදී ගැනීමේ මිල ඉහළ දමයි

2025 යල කන්නයේ දී නාඩු, සම්බා සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් 01ක් පිළිවෙලින් රුපියල් 120ක්, රුපියල් 125ක් සහ රුපියල් 132ක් ලෙස වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගෙන තිබෙනවා.

ඉදිරි කන්නවලදී සම්බා සහ කිරි සම්බා වගා කිරීම ප්‍රර්වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් එම වී වර්ග මිල දී ගැනීම සඳහා දැනට පවතින අවම මිල ගණන් ඉහළ නැංවීම තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව විසින් නියමිත ප්‍රමිතියෙන් යුත්, නාඩු වී කිලෝග්‍රෑම් 01ක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 120ක් ලෙස තවදුරටත් පවත්වා ගෙන යාමටත්, සම්බා වී කිලෝග්‍රෑම් 01ක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 125 සිට 130ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව කීරි සම්බා වී කිලෝග්‍රෑම් 01ක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 132 සිට රුපියල් 140ක් දක්වා ඉහළ නැංවීමටත් තීරණය තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාස 9ට මත්ද්‍රව්‍ය වැරදිවලට ළමුන් 743ක් අත්අඩංගුවට ගත්තා - ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්
05:33
Video thumbnail
ටිපර් රථයක් - කැබ් රථයක වැදී බිහිසුණු අනතුරක්
00:38
Video thumbnail
ටිපර් රථයක් - කැබ් රථයක වැදී බිහිසුණු අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩුවෙලා
01:10
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න
00:50
Video thumbnail
හිටපු අධ්‍යක්ෂ ජනරාල්ගෙන් එල්ලිනෝ ගැන විශේෂ හෙළිදරව්වක් - විශාල ආහාර හිඟයක් ?
18:35
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින් - "අනේ පව්..ඇස් ඇරගෙන ඉන්නේ"
00:58
Video thumbnail
අපේ කවුරුත් සත පහක්වත් හොරකම් කරලත් නෑ..කරනවනම් ඉන්නෙත් නෑ - මුදල් වංචාව ගැන ප්‍රබලයෙක් කට අරියි
01:43
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න - අක්කර 10ට වඩා ගිනිගෙන විනාශයි
01:16
Video thumbnail
"ජන අරුණගම" ආදර්ශ ගම්මානය ජනතා අයිතියට - මාලිමාවේ වැඩ ගැන නලින්ද ගැම්මට කියයි
04:43
Video thumbnail
ඡන්දයට අපි බය වෙන්නේ නෑ..විපක්ෂය බයවෙලා ඉන්නේ..ඔක්කොම ඇතුළට යන්න ඉන්න අය
03:11