තීරණාත්මක තුන්වන 20-20 තරගය අද – දෙවන තරගයට මිල දී ගත් ටිකට් එක අද තරගයටත් වලංගුයි

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (11) පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් පහසු ජයක් අත්කර ගැනීමට පාකිස්ථානයට හැකියාව ලැබුණු අතර, පෙරේදා (09) පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුණේ එකඳු පන්දුවාරයක් හෝ ක්‍රියාත්මක නොකරමින්.

ඒ, අනුව අද තරගය දෙපිළටම වැදගත් තරගයක් වනවා.

අද පැවැත්වෙන අවසන් තරගයේ පාකිස්ථාන ජයගත හොත් තරගාවලියේ ශූරතාව ඔවුන්ට හිමිවන අතර, තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට අද තරගයේ ජය ශ්‍රී ලංකාවට වැදගත්.

මේ අතර වර්ෂාව හේතුවෙන් අතහැර දැමූ දෙවන තරගය නැරඹීමට නොහැකි වූ ප්‍රේක්ෂකයින්ට එම තරගය නැරඹීම වෙනුවෙන් මිලදී ගත් ප්‍රවේශ පත්‍රයෙන් අද (11) තරගය නැරඹීමට අවස්ථාව ලබාදෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අද තරගය පස්වරු 7.00ට ආරම්භවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?