දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස වෙනුවෙන්,නව නිවාස ඉදි කිරිමේ සහ වන්දි ලබාදීමේ සමාරම්භක වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (09) ආරම්භ වනවා.
මෙම සමාරම්භක වැඩසටහන අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඒ, අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, හඳුන්ගම, රාජාංගනය සහ සිරිමාපුර ප්‍රදේශවල ආපදාවට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදි කිරිමේ සමාරම්භක වැඩසටහන් පැවැත්වෙනු ඇති.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ එම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ නිකවැරටිය, විතිකුලිය මංසන්ධිය සහ රිදිගම දොඩම්ගස්ලන්ද ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමිනුයි.
දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස 6,500ක් පූර්ණ ලෙස හානි වුණා.
එමෙන්ම අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 113,000ක් බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමණාකරන අංශය සඳහන් කළේ.




