ආපදාවලින් පූර්ණ ලෙස හානි වූ නිවාස සඳහා වන්දි ලබාදීමේ සමාරම්භක වැඩසටහන අද ඇරඹේ

දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස වෙනුවෙන්,නව නිවාස ඉදි කිරිමේ සහ වන්දි ලබාදීමේ සමාරම්භක වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (09) ආරම්භ වනවා.

මෙම සමාරම්භක වැඩසටහන අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ, අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, හඳුන්ගම, රාජාංගනය සහ සිරිමාපුර ප්‍රදේශවල ආපදාවට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදි කිරිමේ සමාරම්භක වැඩසටහන් පැවැත්වෙනු ඇති.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ එම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ නිකවැරටිය, විතිකුලිය මංසන්ධිය සහ රිදිගම දොඩම්ගස්ලන්ද ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමිනුයි.

දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස 6,500ක් පූර්ණ ලෙස හානි වුණා.

එමෙන්ම අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 113,000ක් බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමණාකරන අංශය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58