Update – වයික්කාලේ පස්දෙනෙක් මියයාමේ සිද්ධියට කසිප්පු තිත්පොළක් කරගෙන ගිය කතක් අත්අඩංගුවට

වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ දී නීති විරෝධී මත්පැන් පානය කළ බවට සැක කෙරෙන පුද්ගලයින් පස්දෙනෙක් මියයාමේ සිද්ධියට අදාළව කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ කසිප්පු තිප්පොළක් පවත්වාගෙන ගිය කාන්තාවක් බවයි තොරතුරු වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු කාන්තාව පොලිසියට පවසා ඇත්තේ වෙනත් පුද්ගලයෙක් විසින් ගෙනවිත් දෙන කසිප්පු තමන් විසින් අලෙවි කිරීම සිදුකළ බවයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද විමර්ශනවක දී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයින් එකම ස්ථානයකින් මිට දින කිහිපයකට පෙර කසිප්පු පානය කර ඇති බවයි.

මෙම සිද්ධියේ දී මිය ගොස් ඇත්තේ අනුරාධපුරය, ඩයගම, මාකොල, වයික්කාල සහ පැල්මඩුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පස්දෙනෙක්.

මේ අතරින් දෙදෙනෙක් වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ පිහිටි ඇඹරුම් කර්මාන්තශාලාවක් අසල නවාතැන්පොළක මියොස් සිටිය දී සොයාගෙන ඇති අතර, තවත් පුද්ගලයෙක් ඇඹරුම් කර්මාන්තශාලාව ආසන්නයේ පිහිටි නිවසක තිබී තවත් පුද්ගලයෙක් මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

මියගිය අනෙක් දෙදෙනා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර තවත් පුද්ගලයින් තිදෙනෙක් මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

මෙම මරණ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ලසන්ත ඝා#නය කරපු අය අපි දන්නවා"..ලසන්තගේ 17ත් වන ගුණ සැමරුම සිදුකළ අයුරු
05:54
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 08.01.2026
07:58:47
Video thumbnail
චාමර පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර් වෙයි..බෝතලේ හරි අඩුවට දීලා හොම්බ කෙලින් කරගන්න
07:01
Video thumbnail
නාවලපිටිය නගර සභාව දැඩි උණුසුම්..අගමැති වැරදි නෑ..නිලධාරින් තමා වැරදි..සද්ද දාන්න එපා වාඩිවෙන්න
11:55
Video thumbnail
ඇප ලැබුණු මතුගම සභාපති මහ හෙනඟක් මැදින් යන හැටි.."දැන් ඉදන්ම වැඩ..මහ ජනතාවගේ ඡන්දෙන් ආවේ වැඩ කරන්න"
04:21
Video thumbnail
ජනතාව 76 වසරක් මේ ගෝත්‍රිකයන්ට බලය දෙන්න හිතුවේ නෑ.. ආනන්ද පාලිත ලෙසටම ෆයර් වෙයි
06:49
Video thumbnail
එකම අසුනක්වත් නැති වුණත් රට පාලනය කරන්න වෙන්නේ එජාපයට.. දේව කෝපය දැන් ශ්‍රී ලංකාවට සිදුවෙන්නේ
06:49
Video thumbnail
අධිකරණයට රැගෙන ආ මතුගම සභාපතිට ඇප
05:35
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අගමැතිතුමිය වෙනුවෙන් අපි ඉන්නවා
05:54
Video thumbnail
උසස් පෙළ විභාගයට වෙන්න යන දේ මෙන්න..විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
13:54


?