ඇමරිකාව, වෙනිසියුලාව ආක්‍රමණය කිරීම ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය දැනුම්දෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික පඥාප්තිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඇමරිකාව විසින් වෙනිසියුලාව ආක්‍රමණය කර එරට ජනාධිපති නිකොලස් මදුරෝ ඇමරිකාවට රැගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය දැනුම් දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පඥාප්තිවලට අනුකූලව, ජාත්‍යන්තර නීතිවලට අනුකූලව යම් රටක ස්වාධීනත්වය ආරක්ෂාවන පරිදි අනිවාර්යෙන් කටයුතු කළ යුතු බව අමත්‍යවරයා සඳහන් කර සිටියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පස්වරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
5
+1
22
+1
1
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?