සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු රිමාන්ඩ්

සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකු වන ඉන්දික රත්නමලල ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණු හිටපු ප්‍රවාහන කළමනාකරු අද (04) දිනයේ වත්තල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

2011 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලය තුල ලංකා සතොස ආයතනයේ ප්‍රවාහන කළමනාකාරවරයා ලෙස කටයුතු කර ඇති සැකකරු 2012 වර්ෂයේදී සතොස ආයතනය සතු ලොරි රථයක් පෞද්ගලික ආයතනයක පරිහරණයට ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සිද්ධියට අදාළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මීට පෙර අත්අඩංගුවට ගැනුණු අතර, ඔහු ද ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?