යාපනය,වඩමාරච්චි නැගෙනහිර මරුදන්කේනි ප්‍රදේශයේ ඊයේ (01) දින සවස් කාලයේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව මරුදන්කේනි පොලිසිය පවසනවා.
පුද්ගලයන් දෙදෙනෙක් අතර ඇති වූ බහින්බස් වීමකදි පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙක්ට පිහි ඇනුමක් සිදුකොට ඇති බවයි පොලිසිය සන්ධ්න් කළේ.
මෙම පිහි ඇනුමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය, මරුදන්කේනි ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.
කෙසේ වෙතත් පිහි ඇනුම සිදුකළ පුද්ගලයා පළාගොස් කලපු ප්‍රදේශයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මරුදන්කේනි පොලිසිය විසින් වැඩිදුර විමර්ශනය සිදු කරන අතර අත්අඩංගුවට ගත් සැකකරු පේදුරුතුඩුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.




