AFC Banner
Empty Ad
Empty Ad

අඩුම තරමින් ඇඳිරි නීතිය පැනවිය යුතුයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි

සංචරණ සීමාවන් පනවා තිබුනත් එය නාම මාත්‍රික තත්ත්වයට පත්ව තිබෙන බැවින් ඉදිරි සති අන්තයේදී කොවිඩ් රෝගීන් අඩුවෙනු ඇති බවට විශ්වාස කළත් එය එසේ නොවනු ඇති බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

අත්‍යාවශ්‍ය සේවා යනුවෙන් සඳහන් කරමින් මේ වන විට නීති විරෝධී මත්පැන් පෙරනු ලබන ස්ථානයන්ද පවත්වාගෙන යනු ලබන සොභාවයක් දිස්වෙන බව පැවසූ සභාපතිවරයා, වහාම දැඩි තීරණ නොගතහොත් දෛනික ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙනු ඇති බවයි සඳහන් කළේ.

” සංචරණ සීමා පනවා තිබෙනවා කියා කිව්වට අද වන් විට අත්‍යවශ්‍ය සේවා කියලා අත්‍යාවශ්‍ය සේවා නොවන ආයතනත් ඊට අන්තර්ගත කරලා තිබෙනවා.

රටේ බලධාරින් වගේම මහජනතාවත් දැන ගන්න අවශ්‍යයි මේ සංචරණ සීමා පැනවීම මගින් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියලා. නමුත් අද වන විට වෙළෙඳසැල් විවෘත කරලා, ප්‍රධාන පාරවල් වල වගේම අතුරු මාර්ගවලත් මහජනතාව නිදැල්ලේ ගමන් කරනවා.

මේ තත්ත්වය උඩ මෙය පාලනය කරන්න අමාරුයි. අවම වශයන් ඉකුත් වර්ෂයේ මාර්තු මාසයේදී පැනවූ ආකාරයෙන් දැඩි සංචරණ සීමා හෝ ඇඳිරි නිතිය පැනවීමක් සිදුකළ යුතු වනවා.

සංචරණ සීමාවන් පැනවීමෙන් පසු විවිධ චක්‍රලේඛ මගින් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරන ආයතනවල ධාරිතාව ඉක්මවා සේවකයින්ව සේවය සඳහා කැඳවා තිබෙනවා.

මේ නිසා මෙය පාලනය කළ යුතුයි සංචරණ සීමා මගින් වසංගතය පාලනය කර ගැනීමට නම්.

පවතින අයහපත් කාලගුණය නිසාද කොවිඩ් පොකුරු බිහිවීමේ අවදානමක් තිබෙනවා. නිරෝධායනය කර සිටින පුද්ගලයින්ගේ නිවෙස් වලට ගංවතුර ඇතිවීම නිසා ඔවුන්ට අවශ්‍ය සේවා සැපයීමේ යම් ගැටළු ඇති වෙලා තියෙනවා.

ඒ වගේමයි ජනතාව ඒකරාශිවීම් හරහා ද කොවිඩ් පොකුරු ඇතිවීමේ අවදානමක් පවතිනවා” යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?