අඩුම තරමින් ඇඳිරි නීතිය පැනවිය යුතුයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි

සංචරණ සීමාවන් පනවා තිබුනත් එය නාම මාත්‍රික තත්ත්වයට පත්ව තිබෙන බැවින් ඉදිරි සති අන්තයේදී කොවිඩ් රෝගීන් අඩුවෙනු ඇති බවට විශ්වාස කළත් එය එසේ නොවනු ඇති බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

අත්‍යාවශ්‍ය සේවා යනුවෙන් සඳහන් කරමින් මේ වන විට නීති විරෝධී මත්පැන් පෙරනු ලබන ස්ථානයන්ද පවත්වාගෙන යනු ලබන සොභාවයක් දිස්වෙන බව පැවසූ සභාපතිවරයා, වහාම දැඩි තීරණ නොගතහොත් දෛනික ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙනු ඇති බවයි සඳහන් කළේ.

” සංචරණ සීමා පනවා තිබෙනවා කියා කිව්වට අද වන් විට අත්‍යවශ්‍ය සේවා කියලා අත්‍යාවශ්‍ය සේවා නොවන ආයතනත් ඊට අන්තර්ගත කරලා තිබෙනවා.

රටේ බලධාරින් වගේම මහජනතාවත් දැන ගන්න අවශ්‍යයි මේ සංචරණ සීමා පැනවීම මගින් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියලා. නමුත් අද වන විට වෙළෙඳසැල් විවෘත කරලා, ප්‍රධාන පාරවල් වල වගේම අතුරු මාර්ගවලත් මහජනතාව නිදැල්ලේ ගමන් කරනවා.

මේ තත්ත්වය උඩ මෙය පාලනය කරන්න අමාරුයි. අවම වශයන් ඉකුත් වර්ෂයේ මාර්තු මාසයේදී පැනවූ ආකාරයෙන් දැඩි සංචරණ සීමා හෝ ඇඳිරි නිතිය පැනවීමක් සිදුකළ යුතු වනවා.

සංචරණ සීමාවන් පැනවීමෙන් පසු විවිධ චක්‍රලේඛ මගින් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරන ආයතනවල ධාරිතාව ඉක්මවා සේවකයින්ව සේවය සඳහා කැඳවා තිබෙනවා.

මේ නිසා මෙය පාලනය කළ යුතුයි සංචරණ සීමා මගින් වසංගතය පාලනය කර ගැනීමට නම්.

පවතින අයහපත් කාලගුණය නිසාද කොවිඩ් පොකුරු බිහිවීමේ අවදානමක් තිබෙනවා. නිරෝධායනය කර සිටින පුද්ගලයින්ගේ නිවෙස් වලට ගංවතුර ඇතිවීම නිසා ඔවුන්ට අවශ්‍ය සේවා සැපයීමේ යම් ගැටළු ඇති වෙලා තියෙනවා.

ඒ වගේමයි ජනතාව ඒකරාශිවීම් හරහා ද කොවිඩ් පොකුරු ඇතිවීමේ අවදානමක් පවතිනවා” යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ.

  1. This man Upul Rohana is just a talking shop. He’s trying hard to cover up his ineffectiveness by wittering on and on about everything outside his remit. Sack him immediately and get someone else who can do the job properly



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26