2026 නව වසර උදාවෙයි – නව වසර පිළිගන්න ලෝකය පුරා විවිධ සැමරුම්

2026 නව වසර ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ උදා වුණා.

2026 නව වසර පළමුවෙන් උදාවූයේ කිරිබාති දූපත් රාජ්‍යයට වන අතර, ඉන් අනතුරුව නව වසර නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි නැගෙනහිර සහ ගිනිකොන දිග කලාපයේ රටවලට උදාවුණා.

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල්වලට 2026 නව වසර උදාවුණේ ඉන් අනතුරුවයි.

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකවාසීන් 2026 නව වර්ෂය පිළිගැනීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා.

සෑම නව වසරකම ආරම්භය මෙන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් 2026 නව වසර ද පිළිගනු ලැබුවා.

ඒ, අනුව දිවයිනේ ප්‍රසිද්ධ ආගමික ස්ථානවෙත බොහෝ පිරිසක් ඊයේ රාත්‍රියේ රැස්ව සිටි බවයි වාර්තා වුණේ.

ලෝකයේ අනෙක් රටවල් විචිත්‍රවත් වූ වැඩසටහන් සංවිධානය කරමින් 2026 නව වසර පිළිගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?