හදිස්සියේම ජනතාවට රතු නිවේදනයක්

නායයෑම් අනතුරු ඇඟවීම් සිදුකර ඇති ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින් ඉවත් කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යෂක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේ ඊයේ (05) දිනයේදී අදාළ චක්‍රලේඛය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකවරුන් වෙත යොමු කර ඇති බවයි.

“ජීවිත ආරක්ෂාව ලබාදීම සඳහා රතු සලකුණු දක්වා තිබෙන නිවාසවලින් ඉවත් නොවී සිටින අයව මේ වගේ අවස්ථාවකදී පොලීසිය සමග සම්බන්ධ වෙමින් අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුයි. ආපදාවට ලක්වූවන්ට පිසුණු ආහාර ලබාදීමත් ඒ සඳහා සහන සැපයීමත් සිදුකෙරෙනවා,” යනුවෙන් ද විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කරනවා.

මේ අතර කැලණි, කළු, ගිං, නිල්වලා යන ගංගා දෙපස පහත් බිම් තවදුරටත් ජලයෙන් යටවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මහ ඔය සහ අත්තනගලු ඔයේ ජලය ද පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශ රැසක පවතින ජල ගැලීම් තත්ත්වය තවදුරටත් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවල තරමක තද වැසි ද අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32