AFC Banner
Empty Ad
Empty Ad

හදිස්සියේම ජනතාවට රතු නිවේදනයක්

නායයෑම් අනතුරු ඇඟවීම් සිදුකර ඇති ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින් ඉවත් කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යෂක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේ ඊයේ (05) දිනයේදී අදාළ චක්‍රලේඛය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකවරුන් වෙත යොමු කර ඇති බවයි.

“ජීවිත ආරක්ෂාව ලබාදීම සඳහා රතු සලකුණු දක්වා තිබෙන නිවාසවලින් ඉවත් නොවී සිටින අයව මේ වගේ අවස්ථාවකදී පොලීසිය සමග සම්බන්ධ වෙමින් අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුයි. ආපදාවට ලක්වූවන්ට පිසුණු ආහාර ලබාදීමත් ඒ සඳහා සහන සැපයීමත් සිදුකෙරෙනවා,” යනුවෙන් ද විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කරනවා.

මේ අතර කැලණි, කළු, ගිං, නිල්වලා යන ගංගා දෙපස පහත් බිම් තවදුරටත් ජලයෙන් යටවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මහ ඔය සහ අත්තනගලු ඔයේ ජලය ද පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශ රැසක පවතින ජල ගැලීම් තත්ත්වය තවදුරටත් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවල තරමක තද වැසි ද අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?