දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් සුළු අපනයන භෝගවලට හානි වූ ගොවීන්ට සහනාධාර සහ වන්දි ලබාදෙන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ඒ වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් දැනටමත් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවයි.
එම දෙපාර්තමේන්තුවට අනුව සුළු අපනයන බෝග හෙක්ටයාර 583.8 කට හානි සිදුවී ඇති අතර, ඉන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ ගම්මිරිස් වගාවටයි.
ගම්මිරිස් හෙක්ටයාර 511.9 කට හානි සිදුව ඇති බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊට අමතරව, කෝපි හෙක්ටයාර 64.8ක් සහ එනසාල් වගාවන් හෙක්ටයාර 7.1ක් ද බලපෑමට ලක්ව තිබෙනවා.
බදුල්ල, මහනුවර, කුරුණෑගල, අනුරාධපුර, නුවරඑළිය, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවලින් මෙම හානි වාර්තාවන අතර, කුඩා පරිමාණ අපනයන බෝග වගාකරුවන් 2,878 කට අයත් බෝග ව්‍යසනයෙන් හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.














