පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රත්නපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා ඊයේ (27) උදෑසන මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
මෙම පුද්ගලයා පෙරේදා (26) පස්වරුවේ අසල්වැසි නිවසකට ගොස් සිටියදී එම නිවසේ හිමිකරු සමඟ ආරවුලක් ඇතිකරගෙන තිබෙනවා.
එහිදී නිවෙස් හිමිකරු විසින් මෙම පුද්ගලයාට පහරදී ඇති අතර, පහරකෑමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගතකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
එලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර තුරුඕ එම පුද්ගලයා මෙලෙස ඊයේ (27) මියගොස් ඇත්තේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 57ක අයගම, සමරුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඝාතනය සිදුකළ වයස අවුරුදු 40ක වන සැකකරු සමරුගම ප්‍රදේශයේ දී අයගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




