හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය ඊයේ (27) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.
රෝගාතුරව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය අභාවප්‍රාප්තවන විට 92 වන වියේ පසුවුණා.
අභාවප්‍රාප්ත කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද (28) පස්වරු 3.00 සිට මහජන ගෞරව සඳහා බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට නියමිතයි.
අද (28) ස්වරු 3.00 සිට ලබන අඟහරුවාදා (30) දින දක්වා දේහය එම පෞද්ගලික මල්ශාලාවේ තැන්පත් කර තැබෙන අතර, එළඹෙන බදාදා දිනයේ දී ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම සැලසුම්කර ඇති බවයි ලතා වල්පොල මහත්මියගේ බෑණනුවන් වන මහින්ද බණ්ඩාර සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1




