වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙක් වල් ඌරෙකුගේ ප්‍රහාරයකට ලක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වනවා.
අදාළ සිදුවීමට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බඩාවුන් ප්‍රදේශයේ සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
වල් ඌරෙක් විසින් වගා හානි සිදුකළ බවට ප්‍රදේශවාසීන් පැමිණිලි සිදුකිරීමෙන් පසු එම සත්වයා අල්ලා ගැනීමට වන සංරක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (26) එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.
එහිදී වන සංරක්ෂණ නිලධාරීන් විසින් දැලක් භාවිත කර ඌරා වට කිරීමට උත්සාහ කරන අවස්ථාවේ දී සත්වයා, වන සංරක්ෂණ නිලධාරියෙකුට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
සත්වයාගේ ප්‍රහාරයෙන් බේරීමට එම නිලධාරියා දැඩි පරිශ්‍රමයක් දරණ ආකාරය අදාළ වීඩියෝවේ දැක්වෙන අතර, තවත් නිලධාරීන් කිහිපදෙනෙක් පොලුවලින් ඌරාට පහර දී එලවා දැමීමට උත්සාහ කරන ආකාරය එහි දැක්වෙනවා.
අවසානයේ මිනිත්තු දෙකකට පමණ පසු වන සංරක්ෂණ නිලධාරියාව බේරාගැනීමට සමත්වන අතර, වල් ඌරාගේ ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි ඔහුව වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.




