කොහුවල හන්දිය සහ නුගේගොඩ හන්දිය අතර ප්‍රදේශයේදී පසුගිය 22 වනදා වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වෙඩි ප්‍රහාරයට ලක්වූ එම පුද්ගලයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (25) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් 22 වනදා රාත්‍රී 8.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන බඩෝවිට අසංක නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙම අපරාධය මෙහෙයවා ඇති බවට පොලිසිය සැකකරනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි චන්දිම සචින්ත නම් 25 හැවිරිදි විවාහක තරුණයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් තවමත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැහැ.














