සුනාමි දුම්රියේ එන්ජිම අද උදෑසන ධාවනයට එක්කර නැහැ (වීඩියෝ)

සුනාමි රළ හේතුවෙන් පැරෑලිය ප්‍රදේශයේ දී සිදුවූ දුම්රිය අනතුර සිහිපත් කරමින් ධාවනයවන ‘සුනාමි දුම්රිය’ අද (26) පෙරවරු 6.50ට කොළඹ කොටුවේ සිට ගමන් ආරම්භ කළා.

කෙසේ වෙතත් සුනාමි රළ හේතුවෙන් අනතුරට ලක්වූ දුම්රියේ එන්ජිම මෙවර ධාවනයට එක්කර නොතිබූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම එන්ජිමේ සිදුව ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් අද (26) දිනයේ මෙම සංකේතාත්මකව ධාවනය සඳහා එය එක් කිරීමට නොහැකි වූ බව සඳහන් කළ දුම්රිය දෙපාර්තමේන්තුව, වෙනත් එන්ජිමක් යොදා ගනිමින් එම දුම්රිය ධාවනය කිරීමට කටයුතු කළ බව පැවසුවා.

මෙතෙක් කලක් ධාවනය කළ දුම්රිය එන්ජිම, දිවයිනට බලපෑ ආපදා තත්ත්වය සමඟ කොළඹට රැගෙන ඒමට නොහැකිව මඩකලපුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ බවත්, මඩකලපුව – කොළඹ දුම්රිය මාර්ගය යළි පිළිසකර කර අවසන් කළ පසු එම එන්ජිම කොළඹට රැගෙන ඒමට කටයුතු කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

එලෙස රැගෙන ආ දුම්රියේ ඇක්සලයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය අලුත්වැඩියා කටයුතු සඳහා යොමුකර ඇති බවත්, මේ වනතෙක් එම අලුත්වැඩියා කිරීම් කටයුතු අවසන් කර ගැනීමට හැකිව නැහැ.

ඒ, අනුවයි වෙනත් දුම්රිය එන්ජිමක් යොදාගෙන සංකේතාත්මක ‘සුනාමි දුම්රිය’ අද දිනයේ ධාවන කිරීමට දුම්රිය බලධාරීන් කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?