පෙර බිරින්දෑවරුන් දික්කසාද නොකර අවුරුදු 03ක් තුළ කතුන් තිදෙනෙක් එක්ක විවාහ වෙලා – සැමියා අත්අඩංගුවට

පෙර බිරින්දෑවරුන් දික්කසාද නොකර වසර තුනක කාලයක් තුළ කාන්තාවන් තිදෙනෙකු විවාහ කර ගත් බවට චෝදනාව මත පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගෝපාල්ගන්ජ් ප්‍රදේශයෙන්.

පින්ටු බාර්න්වාල් නැමැති මෙම පුද්ගලයාගේ පළමු සහ දෙවන බිරින්දෑවරුන් විසින් ගෘහස්ථ හිංසනය සහ දෑවැද්ද ඉල්ලා සිටීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් ගොනුකළ පැමිණිල්ලකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා විවාහ කරගත් කාන්තාවන් තිදෙනාගෙන් දෙවන බිරිඳට මාස 10ක දරුවෙක් සිටින අතර, තුන්වන බිරිඳට ද මාසයක් වයසැති දරුවෙක් සිටින බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් පින්ටු බාර්න්වාල් පවසන්නේ ප්‍රචණ්ඩත්වය සහ දෑවැද්ද ඉල්ලා සිටීම වැනි චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම තමා කාන්තාවන් තිදෙනෙකු විවාහ කර ගත් බව පිළිගත් බවත්, ජීවිතයේ තමන් මුහුණ දුන් තත්වයන් ඔහුගේ එම තීරණවලට හේතු වූ බවයි ඔහු පවසා ඇත්තේ.

මෙම පුද්ගලයා 2022 දෙසැම්බර් මස 02 දින කුෂ්බූ නැමැති කාන්තාවක් සමඟ පළමුව විවාහ වී ඇති අතර, ඔහුගේ දෙවන විවාහය සිදුව ඇත්තේ 2024 අප්‍රේල් මස 18 වනදා ගුඩියා කුමාරි නැමැති කාන්තවක් සමඟයි.

එම බිරින්දෑවරුන් දෙදෙනා දික්කසාද නොකර ඔහු තුන්වන විවාහය කරගෙන ඇති අතර, එම බිරිඳ පින්ටුගේ නිවසේ ජීවත් වන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?