සීප්පුකුලම ප්‍රදේශයේ වන අලියෙක්ට කෘර ලෙස වද හිංසා ලබා දී මරා දැමීම සම්බන්ධයෙන් වූ නඩු විභාගය අද (24) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැවති අතර ඒ සඳහා නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතිඥවරයෙක් ඇතුළු විවිධ පාර්ශ්වයන් නියෝජනය කරමින් නීතිඥවරු කණ්ඩායමක් අධිකරණයට පැමිණ සිටියා.
නඩු විභාගයේ දී ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් එම සැකකරුවන් තිදෙනා තවදුරටත් ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත් ලක්මාලි හෙට්ටිඅරචිචි විසින් නියෝග කළා.
එමෙන්ම මෙම නඩු විභාගය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා එම අදාළ සියලු වාර්තා ලබන නඩු දිනයේදී අධිකරණට ඉදිරිපත් කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් අදාළ වන ජීවි දෙපාර්තමේන්තුවට සහ මිහින්තලය පොලිසිය වෙත නියෝග කර තිබෙනවා.














