පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මඟින් සිදු කර ගෙන යනු ලබන විමර්ශනයකට අදාළව මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධව පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.
මේ වන විට එම සැකකරු පොලිසිය මඟ හරිමින් සිටින බවයි පොලිසිය විසින් නිවේදයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.
ලෝස් පට බැඳිගේ සඳුන් වෙලාන් නම් මෙම සැකකරු අංක 56/B20, මාහේන, කපුගම බටහිර, දෙවි නුවර යන ලිපිනයේ පදිංචිව සිටි තිබෙනවා.
සැකකරුගේ ඡායාරූපයක් පොලිසිය විසින් නිකුත් කර ඇති අතර සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071-8591876 යන දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්‌යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
7
+1
2
+1
+1
+1
2














