මධ්‍යම, ඌව, නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා.
එමෙන්ම දකුණු පළාතේත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ඒ අතරින් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
2
+1
1
+1
+1
+1














