ඇති වූ ආපදා තත්වය හමුවේ ධීවර ජනතාවට සිදු වූ හානි සම්බන්ධයෙන් සහ ධීවර කර්මාන්තය හා බැඳුනු රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමට විශේෂ මාධ්‍ය හමුවක් අද (23) ධීවර අමාත්‍යංශයේ දී පැවැත්වුණා.
ඒ සඳහා ධිවර අමාත්‍ය ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ශ්‍රී ලංකා ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත ඇතුළු පිරිසක් සහභාගී සිටියා.
එහිදී අදහස් දක්වමින් ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් කියා සිටියේ කුණාටු තත්ත්වය පිළිබද දැනුවත් වූ වහාම අදාළ අංශ මඟින් ධීවර ප්‍රජාවට දැනුම් දුන් බවත් එම නිසා දැවැන්ත ජීවිත හානියක් වළක්වා ගැනීමට හැකිවූ බවයි.
එමෙන්ම ඇති වූ තත්ත්වයත් සමඟ ධීවර ජනතාවගේ විනාශ වූ දැල් ආම්පන්න වෙනුවට අලුත් දැල් ආම්පන්න සහ බෝට්ටු විනාශ වී ඇත්නම් ඒ සඳහා අලුත් බෝට්ටුවක් ලබා දීමටද පියවර ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.




