බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇතැයි එරට හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා චෝදනා කරනවා.
එමෙන්ම ඇය පවසන්නේ, මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජයට එය ප්‍රතික්ෂේප කිරීමට හෝ නැවැත්වීමට බලයක් නොමැති බවයි.
ඉන්දීය ප්‍රවෘත්ති ඒජන්සියක් වන ANI සමග අදහස් දක්වමින් හසීනා පවසා ඇත්තේ, රට තුළ පවතින ප්‍රචණ්ඩත්වය බංග්ලාදේශය අසල්වැසි රටවල් සමඟ පවත්වන සබඳතා මෙන්ම රට අභ්‍යන්තරය ද අස්ථාවර කරන බවයි.
රට තුළ පවතින අවුල් සහගත බව, සුළු ජාතීන්ට හිංසා පීඩා කිරීම සහ එක්ව ගොඩනගා ගත් සියල්ල ඛාදනය වන ආකාරය ඉන්දියාව බලා සිටින බවත් ඇය එහි දී පවසා තිබුණා.
රටේ දේශසීමා තුළ මූලික පිළිවෙල පවත්වා ගැනීමට නොහැකි වූ විට, ජාත්‍යන්තර වේදිකාවේ විශ්වසනීයත්වය බිඳ වැටෙන බවත් යූනුස්ගේ බංග්ලාදේශයේ යථාර්ථය මෙය බවත් ඇය සඳහන් කරනවා.




