යාපනය, පූත්තූර් මුහුදු සීමාවෙන් ඊයේ (22) දින මසුන් ඇල්ලීම වෙනුවෙන් මුහුදු ගිය තරුණයෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය,අච්චුවේලි පොලිසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය, ආවරාංගල් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කමලනාදන් සාරුජන් නමැති තරුණයෙක්.
ඊයේ (22) උදැසන කාලයේ මසුන් ඇල්ලීම සඳහා නිවසින් පිටතට ගොස් ඇති මෙම තරුණයා නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී දියේ ගිලී සිටි තරුණයාගේ මළ සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මියගිය තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














