රන්වලගේ රිය අනතුරු නඩුව කැඳවයි – මූත්‍රා හා ලේ සාම්පල පරීක්ෂාව ඇතුළත් වෛද්‍ය වාර්තාව අදත් නැහැ

හිටපු කතානායක සහ ජාතික ජනබලවේගයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පැදවූ ජීප් රථය, මෝටර් රථයක ගැටී තුන්දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (19) මහර ප්‍රධාන මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අද (19) දිනයේත් අශෝක රන්වලගේ මූත්‍රා හා ලේ සාම්පල පරීක්ෂාව ඇතුළත් වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් නොකිරීම විශේෂත්වයක්.

සිදුවීමට අදාළ වෛද්‍ය වාර්තාව මේ වන විට රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර ඇති බවත් එහි ප්‍රතිපල තවමත් නොලැබී ඇති බවත් පොලීසිය අධිකරණය වෙත දැනුම් දෙනු ලැබුවා.

මෙහිදී වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දැන්වූයේ සිදුවීමෙන් තුවාල ලබා පාදයකට හානිවී සිටින කාන්තාවට රුපියල් 50,000 ක මුදලක් සහ තුවල ලැබූ බිළිදාට සහ ඔහුගේ මවට රුපියල් 25,000 බැගින් මුල් අවස්ථාවේ ලබාදීමට කටයුතු කළ හැකි බවයි.

නඩු කටයුත්ත තවමත් විභෘග වන බැවින් වන්දි මුදලක් සම්බන්ධ වන තීරණයක් ගැනීමට නොහැකි වුවද, මෙම සහනදායී මුදල ලබාගැනීමට පැමිණිලිකාර පාර්ශවය කැමැත්තක් දක්වන්නේ නම් අධිකරණය එම කටයුත්තට මැදිහත් නොවන බව මහර මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පවසා සිටියා.

එහිදී පැමිණිලිකාර පාර්ශවයෙන් පාදයකට දැඩි හානි සිදුව ඇති කාන්තාවගේ සැමියා අධිකරණයට දැන්වූයේ තමන් එම මුදල ලබාගැනීමට සූදානමක් නොමැති බවයි.

මේ අතර අශෝක රන්වල තවමත් රෝහල් ගතව සිටීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා පොලීසියෙන් විමසා සිටියේ සිදුවීමෙන් තුවාල ලැබූවේ පැමිණිලිකාර පාර්ශවය ද නැතහොත් විත්තිකාර පාර්ශවය ද යන්නයි.

එහිදී පිළිතුරු දුන් සපුගස්කන්ද පොලිස් නිලධාරීන් සදහන් කළේ පැමිණිලිකාර පාර්ශවයේ මෝටර් රථයේ ගමන්ගත් පිරිස තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

මහේස්ත්‍රාත්වරයා යළිත් විමසන්නේ එසේ නම් තවමත් සැකකරු තුවාල නොලබාත් තවමත් රෝහල් ගතව සිටින්නේ ඇයිද යන්නයි.

එහිදී විත්තාකාර පාර්ශවයේ නීතිඥවරයා පවසන්නේ අශෝක රංවලගේ ශාරීරික යෝග්‍යතාවය තවමත් යහපත් තත්ත්වයේ නොමැති බැවින් ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා මන්ත්‍රී අශෝක රංවලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අවලංගු කිරීමට නියෝග කළා.

මීට අමතරව ඔහු රෝහලෙන් පැමිණි පසුව ජාතික ප්‍රවාහන වෛද්‍යාතනයෙන් යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගී වී එහි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කරනු ලැබූවා.

මෙම නඩුව යළිත් 2026 වසරේ ජනවාරි 16 වැනිදා කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14